මානව රුධිර ගන, ප්‍රති දේහ සහ ප්‍රතිදේහ ජනක

කලින් මම දාපු අර රුධිර ගනය දැන ගැනීමට කරන පරික්ෂනයට ආපු ප්‍රතිචාරයක් තිබුනා, මේ පරික්ෂනයේ මූලධර්මය ත් කියන්න කියල, ඒක තේරුම් ගන්න පහසු වෙන්න නම් රුධිර පාරවිලනයකදී රුධිරය කැටි ගැසෙන්නේ ඇයි කියන එක දැන ගන්න වෙනවා, එනිසා මම මේ ලිපියේ ඒ ගැන සදහනක් කරලම අර පරික්ෂනයේ මූලධර්මය කියන්නම්, මේක දන්නවා නම් මූලධර්මය වාක්‍ය දෙක තුනකින් කියන්න පුලුවන් ඒකයි, සහ මේකත් වැදගත් වෙයි කියල මම හිතනවා

මෙන්න කතාව

මිනිසාට (ABOවර්ගීකරණයට අනුව) රුධිර ගන 4කි

1. A

2. B

3. AB

4. O

මේවා තීරණය වෙන්නේ රතු රුධිරාණු ආශ්‍රිතව (රතු රුධිරාණු වල  ප්ලාස්ම පටලයේ) තියන ප්‍රතිදේහජනක මගිනි.( Antigen) එම ප්‍රතිදේහජක තීරණය වන්නේ අදාල ඇලීල පිහිටීම මගිනි ( සරලව ජාන කියමුකො, හැබැයි ඇලීලයයි ජානයයි කියන්නෙ දෙන්නෙක් හොදේ, දැනට මෙහෙම කියමු)

කොහොම හරි රක්තාණු ආශ්‍රිතව A ප්‍රතිදේහජනකය පිහිටයි නම් A රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව B ප්‍රතිදේහජනකය පිහිටයි නම් B රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව AB ප්‍රතිදේහජනකයපිහිටයි නම් AB රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව ප්‍රතිදේහජනක නැත්නම් O රුධිර ගනයටද අයත් වේ.

ප්‍රතිදේහජනක හා ප්‍රතිදේහ


ප්‍රතිදේහජනක රක්තාණු ආශ්‍රිතව පිහිටන අතර, ප්‍රතිදේහ රුධිර ප්ලාස්මාව ආශ්‍රිතව පිහිටයි.

රක්තාණු වල A හාB ප්‍රතිදේහජනක වලට අනුරූපව ප්ලාස්මාවේ a හා b ප්‍රතිදේහ පිහිටයි.

රක්තාණු වල පිහිටන ප්‍රතිදේහජනකය අයත් වන වර්ගයට සමාන ප්‍රතිදේහයක් කිසිවිටක ප්ලාස්මාවේ නොපිහිටයි!
උදා:- රක්තාණු වල තියෙන්නෙ A ප්‍රතිදේහජනකය නම්, ප්ලාස්මාවේ කිසිවිටෙක a ප්‍රතිදේහය තියෙන්න බෑ..

මෙන්න ඔක්කොම දාපු වගුවක් එහෙනම්

රුධිර ගනය                  ප්‍රතිදේහ ජනකය            ප්‍රතිදේහය

A                                  A                           ප්‍රති B / b

B                                  B                           ප්‍රති A / a

Ab                                AB                              –

O                                 -                          ප්‍රති AB / ab

රුධිර පාරවිලයනය

යම් පුද්ගලයෙක් ගෙන් තවත් කෙනෙක් ට රුධිරය දීම ට තමා මෙහෙම කියන්නෙ,

නොගැලපෙන රුධිර ගන දෙකක් මිශ්‍ර උනාම රුධිරය කැටිගැසේ, එය  රුධිර ශ්ලේශණය නම් වේ.

           ප්‍රතිග්‍රාහක–>

දායක

A B AB O
A N C N C
B C N N C
AB C C N C
O N N N N

N= ශ්ලේශනය නොවේ

C=ශ්ලේශනය වේ

දැන් පැහැදිලියි නෙ කොහොමද කැටිගැසෙන්නෙ කියල?

9 Responses to මානව රුධිර ගන, ප්‍රති දේහ සහ ප්‍රතිදේහ ජනක

  1. kasun says:

    Dr.Basuru…really great post machan…lt f help ban…siraawata..keep it up..!

  2. nimanthi says:

    ඇත්තටම මෙහෙම ලියද්දින් සරල අව බෝධයක් තියන කෙනෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් ..කියන දේ මොකද්ද කියලා හරියටම. හොඳයි ඇත්තටම
    මම හිතනවා එය තමයි වැද ගත් කියලා 🙂
    ස්තූතියි ..!!මල්ලී

  3. uvindubt says:

    ස්තූතියි, දැනුත් මේ එකක් ලියන ගමන් හෙ හෙ 😉 🙂

  4. පින්ග්කිරීම: රුධිර ගනය පරික්ශා කිරීමට වඩා නිවැරදි ක්‍රමය « මගේ අඩවිය

  5. රායිට්… ඒක පැහැදිලියි.

    බට් තව ප්‍රශ්නයක් ආවා.

    [said]
    මිනිසාට (ABOවර්ගීකරණයට අනුව) රුධිර ගන 4කි
    [/said]

    ඒ කියන්නේ වෙන වර්ගීකරණයකුත් තියේද?

uvindubt වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න