රුධිර ගනය පරික්ශා කිරීමට වඩා නිවැරදි ක්‍රමය

ඔන්න මතකනෙ රුධිර ගන පරික්ශාව ගැන කලින් දාපු ලිපිය? ඒකෙ තිබ්බෙ කදාවක් මත කරන ක්‍රමය ( Slide Test) ඒක ටිකක් නිරවද්‍යතාවය අඩු සහ අඩු කාලයකින් කරගත හැකි ඒකක්,

ඉරවද්‍යතාව අඩු වීමට හේතු
1. පියවි ඇසින් නිරික්ශණ ලබා ගන්නා නිසා
2.  Anti AB  භාවිතා නොවන නිසා

ප්‍රධාන හේතු තමා ඔය දාල තියෙන්නෙ, නමුත් මෙය වැරදි ක්‍රමයක් කියලා නම් කියන්න බෑ, මේකත් අනුමත ක්‍රමයක් තමා, මේ ක්‍රමයෙන් O- ( O Negative)  ආවහම මම අද කියන්න යන Tube Test එක කරල ඉතා නිවැරදිව ලබා ගන්නවා, නමුත් නියම ලෙස නම් කරන්න ඕනෙ  එක තමා, නමුත් ඒකට විවිධ බාධක තියෙනවා….

හරි මෙන්න කතාව, අද කතාව තමා Tube Test එක.

මේකෙ තියනවා Bllod Grouping  සහ Serum Grouping කියල දෙකක්,

Blood Grouping

මුලින්ම අපි අපිට එන රුධිර සාම්පලය කේන්ද්‍රාපසරණයට (centrifuge) ලක් කරනවා, එවිට රුධිර සෛල සහ මස්තු (serum)  වෙන් වීමක් සිදුවෙනවා, ස්ථර දෙකකට. ඉන්පසුව කුඩා පරික්ෂණ නලයකට මස්තු ටික වෙන් කරල අරගන්නවා,

එවිට  අර කේන්ද්‍රාපසරණයට ලක් කල නලයේ ඉතුරු වන්නෙ රුධිර සෛල ( අපිට අවෂ්‍ය වන්නෙ රක්තාණු පමණයි, එනිසා මින් මතුවට රක්තානු කියලම හදුන්වන්නම්..) එම රක්තානු 1:20 (රක්තාණු 1 ul:N. Saline 20ul)  අනුපාතයට සාමානය සේලයින් සමග තනුක කිරීමකට ලක් කරනවා, ඉන්පසුව නැවත කේන්ද්‍රාපසානයට ලක් කරනවා ( ඉහත 1:20 අනුපාතයට මිශ්‍ර කර කේන්ද්‍රාපසණයට ලක් කිරීම cell washing නම් වේ.) දැන් අර නලයේ පතුලේ ඔය රක්තාණු ටික පොදියක් ලෙස දැකගත හැක, දැන් උඩුගිය ද්‍රාවණය ඉවත් කර නැවත සේලයින් 20ක් එකතු කර ඉහත පරිදි සේදුම් ක්‍රියාවලිය තෙවතාවක් කරනු ලැබේ.(3 )

දැන් තවත් නල 4ක් ගෙන එක් එක් නලයට පිලිවලින් Anti –A, Anti AB, Anti- B සහ Anti D බිංදු දෙක බැගින් එක් කරගනු ලැබේ,

දැන් එම නල වලට පිලිවලින් අර සෝදා ගත් රක්තාණු වලින් බිංදුව බැගින් දමාගෙන යන්නයි තියෙන්නෙ, ඉන් පස්සෙ ඒ නල 4ම කේන්ද්‍රාපසරණයට ලක් කෙරෙනව, ඉන් පස්සෙ අන්වික්ෂයෙන් නිරික්ශනය කරනවා..

දැන් දමාපු Anti D එකෙන් බැලෙන්නෙ Rh සාධකය, ඒකෙ කැටි (clumps ) ඇති වෙනවානම්Rh+ ලෙස ද ඇතිවෙන්නෙ නැත්නම් Rh- ලෙස ද වර්ගීකරණය වෙනව

පහත වගුවේ පරිදි ඉතිරි රුධිර ගන සොයා ගනු ලබනවා. කැටි ඇතිවීම + ලෙසද කැටි ඇති නොවීම 0 ලෙසද සංකේතවත් වේ

Anti A

Anti AB

Anti B

A

+

+

0

B

0

+

+

AB

+

+

+

O

0

0

0

දැන් ඕකට දාගන්න පුලුවන් නෙ? බැරිනම් මගේ ඉහත ලිපිය කියවන්න (ප්‍රොෆ් ආන්සර් එක) ඒත් බැරිනම් කියන්නකෝ

Serum Grouping

අර මම ඉහත කිවුවනෙ සේරම් ටික වෙන් කරල ගන්නවා කියල අන්න ඒ ටික තමා දැන් සීන්ස් එකට එන්ටර් වෙන්නෙ, දැන් අපි තවත් පරික්ශණ නල 3ක් අරගෙන ( හිතා ගන්න පුලුවන් නේ ද මේ ක්‍රමය හැම එකටම නොකරන්නෙ මොකද කියල? හෆෝයි!) ඒවා  නම් කරගන්නවා Ac, Bc & Oc ලෙස, දැන් පිලිවලින් ඒවාට දානවා A සෛල B සෛල සහ O සෛල ( ඒ මොනවද කියල මේ ලිපිය ඉවර වෙලා කියන්නම්, මෙතන කිවුවොත් අච්චාරු සීන්ස් එකක් වෙයි වගේ…) 

ඉන් පස්සෙ ඔය නල තුනට දානව අර සේරම්, දැන් ඒවත් කේන්ද්‍රාපසාරකය හරහා ගත්තාම කැටි ඇතිවීම නොවීම මත වර්ග කරනවා.. හැබැයි වැඩේ රිවස් වෙන්නෙ, ඒ කියන්නෙ අනිත් පැත්තට, මෙන්න මෙහෙම

Ac

Bc

Oc

A

0

+

0

B

+

0

0

AB

0

0

0

O

+

+

0

මම කිවුවෙ? මේකෙදි ඉහත පරික්ශන දෙකෙහිම අධ්‍යනයන්ට වඩා වෙනස්! ඒක වුනේ කොහොමද කියල අපැහැදිලි නම් , මම ඒක කියල දුන්නා මෙන්න මේකෙන්

 

A සෛල B සෛල සහ O සෛල

අපි දන්න රුධිර සාම්පල ( කලින් රුධිර ගන හදුනා ගන්නා ලද) වලින් රක්තාණු ඉහත දක්වා ඇති සේදුම් ක්‍රමය මගින් වෙන් කර ගැනීමකට ලක් කරනවා, ඉන් පස්සෙ ඒවා යින් රක්තාණු වෙන් කරල ගත්තාම ඒවා ට තමයි ඔන්න ඔහොම කියන්නෙ
එනම්,

A ගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = A සෛල

Bගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = B සෛල

O ගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = O සෛල

ලෙස , සරලයි (දැන් ඉතින් කිකිළියි බිත්තරෙයි ප්‍රශ්නය නම් අහන්න එපෝ…)