අන්වීක්ශීය විශ්ලේශනය සදහා පටක පිලියල කිරීම – 1

හරි, ඔන්න ඉතිං කාලෙකට පස්සෙ ආයෙත් වැඩේට බැස්සා… පහුගිය දවස් ටිකේ එක එක වැඩ, කොහොම කොහොම හරි ඔන්න වෙලාවක් හදා ගත්තා, මම මේ කතාව කාලෙකට කලින් කියන්න හිටියෙ, නමුත් ළගදි දවසක යහලුවන් අතරින්  මේ සම්බන්ධව කතාවක් ඇදිල ඒමත්, වැඩි දෙනා මේ සම්බන්ධව සමහර කරුණු නොදැන සිටීමත් නිසා මෙය කෙසේ හෝ ලියා අවසන් කිරිමට මම අදිටන් කලෙමි.

අපි යම් ශාකයක හෝ සත්ව දේහයක යම් කොටසක් ( අවයවයක හෝ එවැනි) අන්වීක්ශ මට්ටමෙන් අධ්‍යනය කරන්න යනවානම්, වැඩේ කරන්නෙ මෙහෙමයි. මම මේ වැඩේ තේරුම් ගැනීමේ පහසුව තකා සත්ව පටක ගැන පමනක් කතා කරන්නම්

පටකය දේහයෙන් වෙන් කර ගන්නා ආකාර කිහිපයකි.
1. එන්ඩොස්කෝපයක් ඇසුරෙන් දේහ අභ්‍යන්තර පටක කොටසක්, (ඉතා කුඩා)
2. ශල්‍යකර්මයක් මගින් දේහයෙන් ඉවත් කිරීමට නියම කොට, එමගින් ඉවත් කල අවයවයක් හෝ අවයව කොටසක් යනාදී ලෙස ය.

තවද ශල්‍යකර්මයක් මගින් දේහයෙන් ඉවත් කල අවයවය හෝ අවයව කොටස් අනිවාරයෙන් ම මෙසේ මෙම ක්‍රියාවලිය හරහා පිලියල කරගත් පටක කොටස් Histopathologist  කෙනෙකු ගේ විශ්ලේශනයට සදා යොමු කර වාර්තාවක් ශල්‍ය වෛද්‍යවරයා වෙත යොමු කල යුතු ය.

කෙසේ හෝ වේවා ලැබ් එකට එන ඔය කියන කොටස් අන්වීක්ශ කදාවකට ගත හැකි තත්වයට පත් කිරීම මෙහි මූලික අරමුණ වේ.

ලැබ් එකට රෝගියෙක් ගේ කුඩා අන්ත්‍රයෙන් කොටසක් විශ්ලේශනයට නියම වී යැයි උපකල්පනය කරමු.

දැන් මෙය Histopathologist විසින් මෙම සාම්පලය විශ්ලේශනය කොට මෙහි කුමන කොටස් අන්වීක්ශීය විශ්ලේශනයට යොමු කල යුතු ද යන්න තීරනය කරන අතර සාම්පලයේ බාහිර පෙනුම සටහන් කරගනී. ඉන්පසු අවශය කලාප වලින් සෙ.මී. 3X2X2 තරම් පමන නියැදි කපාගෙන කුඩා "කැසට්" වලට ඇතුල් කරයි.

ඉන්පසු ඒවා M.L.T.  විසින් පටක සැකසීමේ ක්‍රියාවලියට යොමු කෙරේ. ඒ සදහා සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ විද්‍යාගාර වල භාවිතා කරන යන්ත්‍ර කිහිපයකි. (දැන් ලංකාවේ ද ඇතැම් විද්‍යාගාර වල මෙයට වඩා නවීන උපකරණ භාවිතා වේ.)

  1. Rotary Tissue Processor
  2. Tissue Embedding system
  3. Tissue Cutting Machine
  4. 4.    Water Bath

Rotary Tissue Processor

 

Rotary tissue p

මෙය අවශ්‍ය දත්ත ලබා දුන් විට ක්‍රියා කරන ස්වයංක්‍රීය උපකරණයකි.

මෙහි සැලැස්ම මෙසේ ය

24052010209

 

මෙය මූලික වශයෙන් ලීටරයේ පමන බීකර 10කින් හා පර‍ෆින් ඉටි සමන්විත බීකර දෙකකින් සැදුම් ලත් උපකරණයකි. එක් එක් බීකරය තුල පටක කොටස් සිටිය යුතු කාලය මෙම උපකරනයට අප ලබා දිය යුතු දත්තය වේ. එක් එක් බීකරය පහත  රසායන ද්‍රවය වලින් සමන්විත වේ.

Beaker No. 1 – Alcohol ( Con. =70%)

Beaker No.2 – Alcohol (Con. = 80%)

Beaker No.3 – Alcohol (Con. = 90%)

Beaker No.4 – Alcohol (Con. = 95%)

Beaker No.5 – Alcohol (Con. = 95%)

Beaker No.6 – Alcohol (Con. = 100%)

Beaker No.7 – Alcohol (Con. = 100%)

Beaker No.8 – Alcohol + Xyline (1:1)

Beaker No.9 – Xyline

Beaker No.10 – Xyline

Beaker No.11 – Wax

Beaker No.12 – Wax

මෙම උපකරණයේ ප්‍රධාන අරමුණ නම් සලකන ලබන පටකයෙන් ජලය ඉවත්කර, ඒ වෙනුවට සෛල තුලට පැර‍ෆින් ඉටි ඇතුලත් කිරීමයි ! එසේ කිරීමට හේතුව නම්,  නතහොත් ඉතා කුඩා කැපුමක් මගින් අන්වීක්ශීය විශ්ලේශනය සදහා පටක කොටසක් වෙන් කිරීමේදී එම පටක තුල වාත බුබුලු ඇතිවීම, පටකය ‍රැලි ගැසීම ආදී ගැටලු ‍රැසක් පැන නගී.

මෙම උපකරණය ක්‍රියා කරන ආකාරය කියල අද ලිපිය අවසන් කරන්නම් ,

මෙම උපකරණයේ ප්‍රධාන කාර්යය නම් පටක වලින් ජලය ඉවත් කර ජලය තිබිනු ස්ථාන වලට ඉටි ඇතුල් කිරීමයි.

මෙහි වහලය පහත පරිදි එසැවිය හැකිය.

 

20052010153

 

පහත පරිදි පටක ‍රැගත් කැසට් ඇතුලත් කරනු ලැබේ

 

20052010156

 

ඉහත රූපයේ පරිදි එසැවී, අංශක කිහිපයක් දක්ශිනාවර්තව කැ‍රැකී නැවත පහත් වේ (පලමු රූපයේ පිහි‍ටුමට පැමිනේ) ඒ අයුරින් පටක බීකරයෙන් බීකරයට ගමන් කරයි.

ප.ලි. පලමු බීකර 10 තුල චාරිකවෙන් පසු පටකය "උම්බලකඩයක" ස්වරූපයට පත් වේ!
ප.ප.ලි :- ඉතිරිය මීලග ලිපි වලින් කියන්නම්

පසු පස්සෙ ලිවීම :-  මම මගේ මුල් සටහන කඩුවෙන් සකසා ඇත් බැවින් මාගේම කඩු සටහන හෙලයට නැංවීමේදී යම් අපහසුතා මතු විය. ඒ පිලිබදව ගැත්තාට කමා වනු මැනැවි.

Advertisements